Monday, Feb 06th

Last update:11:29:13 AM GMT

Headlines:
You are here: සන්නස පුවත්

සන්නස පුවත්

අද දිනයේ විටින් විට වැසි

rain_195_200උතුරු, නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති වේ. සමහර ස්ථානවල තද වැසි ද ඇතිවිය හැකිය.

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලික ව තරමක තද සුළං ද ඇති විය හැක.

අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

රජයේ නිළ පුවත් වෙබ් අඩවියෙන්

ශ්‍රී පාද වන්දානාව සදහා විශාල බැතිමතුන් පිරිසක්

sripadaශ්‍රී පාද වන්දනාව සඳහා අතිවිශාල බැතිමතුන් පිරිසක් මේ දිනවල පැමිණීම හේතුවෙන් මාර්ග රැසක රථවාහන තදබදයක් පවතින බව වාර්තා වේ. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි පවසනුයේ බැතිමතුන් විශාල පිරිසක් එකවර පැමිණීම නිසා මෙම තදබදය හටගෙන ඇති බවයි. සති අන්තයක් බැවින් ලක්ෂ 5 ට පමණ අධික බැතිමතුන් පිරිසක් සිරිපා වන්දනාවේ පැමිණෙන බවට තොරතුරු වාර්තාවන බවත්, පොලීසියේ උපදෙස් නිසි ලෙස පිළිපදින ලෙස තමන් බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බවත්, මේ අතර වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන්නන් මෙන්ම නුසුදුසු ආහාර අලෙවිකරනන් හඳුනාගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් ආහාරපාන ලබාගැනීමේ දී සැලකිලිමත් වන ලෙසත් දිස්ත්‍රික් ලේකම්වරයා බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියි.

කොළඹ මාර්ග කිහිපයක් අද සහ හෙට තාවකාලිකව වසා තැබේ

peraharaකොළඹ හුණුපිටිය ගංගාරමා විහාරස්ථානය නවම් මස පෙරහැර වීදි සංචාරය කිරීම නිසා අද සහ හෙට කොළඹ නගරයේ මාර්ගා කිහිපයක් තාවකාලික වසා තැබෙන බව පොලිස් මූලස්ථානයට පවසයි. සර්. ජේම්ස් පීරිස් මාවත, ජිනතරන මාවත, මුත්තයියා පාර, නවම් මාවත, ඩබ්.ඒ.ඩී. රාමනායක මාවත, හුණුපිටිය හරස් පාර, ලේක් හවුස් චන්ද්‍රවංකය, අල්විස් පාර, හඩ්සන් පාර, ක්‍රේස්කැට් පාර, රොටුන්ඩා වටරමුව, පෙරහැර මාවත, උත්තරානන්ද මාවත හා ඇතැම් තදාසන්න ප්‍රදේහ මෙලෙස වසා දැමීමට නියමිත බව වාර්තා වේ.

ඉල්ලීම් ලිඛිතව ලබානොදුනහොත් නැවත වර්ජනය අරඹනවා

Trainඊයේ පැවති දුම්රිය සේවක වර්ජනය හේතුවෙන් බිද වැටුනු දුම්රිය ගමනා ගමනය යලි යථා තත්ත්වයට පත්ව ඇති බවත් අද අළුයම සිට දුම්රියන් සාමාන්‍ය පරිදි ධාවන වන බවත් ඇතැයි වාර්තා වේ. වාර්තා වන අන්දමට දුම්රිය වර්ජනයේ නිරත වූවන් පවසා ඇත්තේ ඔවුන් දුම්රිය වර්ජනය අත්හැරියේ බලධාරීන්ගේ පොරොන්දුවක් අනුව බවත් එම පොරොන්දුව ලිඛිතව ලබා නොදුන හොත් නැවත එම වර්ජනය ආරම්භ කරන බවත්ය.

නව තැපැල්පති අද සිට වැඩ අරඹයි

නව තැපැල්පතිවරයා ලෙස ‍පත් ව ඇති රෝහණ අබයරත්න මහතා අද (02) පෙරවරුවේ සුබමොහොතින් සිය රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නියමිත ව ඇත.


තැපැල් දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන මෙම අවස්ථාව සඳහා තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා ද සහභාගි වනු ඇත.


ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන අබයරත්න මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ විද්‍යා විශේෂවේදී උපාධිධරයෙකු වන අතර 1996 දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්විය.


සබරගමු පළාත් සභාවේ සහකාර ලේකම්වරයෙකු ලෙසින් පරිපාලන සේවයේ රාජකාරි ආරම්භ කළ අබයරත්න මහතා කුරුවිට සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස ද රෙදිපිළි පංගු මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස ද සහකාර ඉඩම් කොමසාරිස්වරයකු ලෙස ද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ  සහකාර පාලකවරයෙකු ලෙස ද නාගරික සංවර්ධන අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස ද මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස ද ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස ද සංචාරක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා ලෙස ද ඔහු කටයුතු කර ඇත.

නව තැපැල්පති ධුරයට පත්වීමට පෙර ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා වශයෙන් ඔහු කටයුතු කරමින් සිටියේ ය.

 

රජයේ නිළ පුවත් වෙබ් අඩවියෙන්

නිදහසට, දැයට කිරුළට පොලිසියේ 8000ක්

අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේ පැවැත්වෙන දැයට කිරුළ ප්‍රද‍ර්ශනය සහ නිදහස් උත්සවයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 8000ක් පමණ යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.


මීට අමතර ව විශේෂ කාර්ය බලකායේ සහ පොලිස් රථ වාහන අංශයේ සාමාජිකයන් ද මේ සඳහා යෙදවීමට පියවර ගෙන ඇත.

මේ නිසා ආරක්ෂාව පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති බවත්, මෙම ප්‍රදර්ශනය නැරඹීම සඳහා පැමිණෙන ලෙසත් පොලිස් අධිකාරීවරයා මහජනතාවට දන්වා සිටී.

 

රජයේ නිළ පුවත් වෙබ් අඩවියෙන්

මහ බැංකු බෝම්බයෙන් මියගිය අය සැමරේ

cenrtal_Bslrශ්‍රී ලංකා මහ බැංකුවට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගෙන් එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූ මහ බැංකු සේවක සේවිකාවන් 41 දෙනෙකු සිහිකිරීම පිණිස ඉදිකරන ලද ස්මාරකය අද (31) මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

එහිදී එදින මියගිය සේවකයන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් ද පැවැත්වූ අතර මහ බැංකු අධිපති, නියෝජ්‍ය අධිපතිවරුන්, සමිති සංගම්වල නියෝජිතයන් මෙන් ම මියගිය පවුල්වල ඥාතීන් විසින් පුෂ්පෝපහාර දැක්වීම ද සිදුකෙරිණි.

1996 ජනවාරි 31 වැනි දින සිදු වූ මෙම බෝම්බ ප්‍රහාරයට අදට 16 වසරක් සපිරේ.

 

රජයේ නිළ පුවත් වෙබ් අඩවියෙන්

ගතවු මාසය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 2270 ක්

ගතවූ මාසය තුළ වාර්තාDengue_mosquito_ff_1 වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 2270 ක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඉන් සිදුවූ මරණ සංඛ්‍යාව 08 කි. මෙයින් ඩෙංගු රෝගීන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාත් තුලින් බවත් පසුගිය කාලයේ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කළද බස්නාහිර පළාත් තුළ ඩෙංගු කීට ව්‍යාප්තිය වැඩිවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ්‍ය ප්‍රකාශ කරයි. කෙසේ වෙතත් ඩෙංගු මර්ධන සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡා කිරීම සදහා ජනාධිපති ඩෙංගු කාර්ය සාධක බලකාය හෙට පස්වරුවේ රැස්වීමට නියමිත බව වාර්තා වේ.

දුම්රිය හරස් මාර්ග අනාරක්ෂිත ගේට්ටු නවීකරණය කිරීමට පියවර

දුම්රිය හරස් මාර්ග අනාරක්ෂිත ගේට්ටු නවීකරණය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. මේ සදහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන දහසක් බව මුදල් අමාත්‍යාංශය පවසයි. දිවයින පුරා පවතින අනාරක්ෂිත දුම්රිය ගේට්ටු සංඛ්‍යාව 750 ක් පමණ වන අතර පසුගිය කාලය තුළ එම ගේට්ටු ආශ්‍රිතව අනතුරු 50 ක් පමණ සිදුව ඇති බවත්, ඉන් 38 ක් බරපතල තත්ත්වයේ අනතුරු වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් ක‍රයි.

JPAGE_CURRENT_OF_TOTAL