Friday, Sep 10th

Last update:07:21:05 PM GMT

Headlines:
You are here: සන්නස පුවත්

සන්නස පුවත්

ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද පෙරවරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇතැයි වාර්තා වේ. මෙමගින් අපේක්ෂා කරනුයේ විධායක ජනාධිපති ධුරය දැරිය හැකි කාලසීමාව වෙනස් කිරීම හා 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වෙනස්කම් සිදුකිරීමයි. ඒ අනුව අදාළ පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණ අනුමැතිය සඳහා ඉදිරිපත් කර පසුව එය හදිසි පනත් කෙටුම්පතක් ලෙස සලකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මී උණෙන් මිදීමට ආරක්ෂිත ප්‍රතිකාර ගන්න

එළඹෙන මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීමට පෙර මී උණ සඳහා ආරක්ෂිත ප්‍රතිකාර ලබාගන්නා ලෙස වසංගත රෝග විද්‍යා අංශය ගොවි ජනතාවට දන්වා සිටී.
මෙම ප්‍රතිකාර ප්‍රදේශයේ කෘෂිකර්ම නිලධාරියා හරහා මහජන සෞඛ්‍ය පරීක්ෂක වෙතින් නොමිලේ ලබාගත හැකිය.
මෙම වසර තුළ මේ දක්වා දිවයින පුරා මී උණ රෝගීන් 2,425 දෙනෙකු වාර්තා වී ඇති අතර රෝගීන් 51 දෙනෙකු මියගොස් ඇත. මියගිය රෝගීන් අතරින් 11 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් ද තවත් 11 දෙනෙකු මාතර දිස්ත්‍රික්කයෙන් ද වාර්තා වී ඇත.
එසේම රෝගීන්ගෙන් වැඩි පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ, ගම්පහ, කළුතර, මාතර, කුරුණෑගල, රත්නපුර හා කෑගල්ල යන දිස්ත්‍රික්කවලිනි.
මේ අනුව රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙස එම ඒකකය ඉල්ලා සිටී

ව්‍යවස්ථා සංශෝධනය ලබන මස 7 වනදායින් ඇරඹෙන පාර්ලිමේන්තු සතියේදී

ලබන 7 වන දායින් ආරම්භවල පාර්ලිමේන්තු සතියේදී යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාරිල්මේන්තුවට ඉදිරිපත් කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කර සිටියේ අදාළ ව්‍යවස්ථා සංශෝධනය ලබන සතියේ දී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි. ඒ අනුව ලබන මස 7 වෙනිදායින් ඇරඹෙන පාර්ලිමේන්තු සැසියන්ට ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් අනිවාර්යයෙන්ම සහභාගී විය යුතු බව තමන් විසින් දැනටමත් උපදෙස් ලබා දී ඇති බවද සදහන් කළේය.


දින 14 ක් ඇතුලත කොළඹ නගරයේ දැන්වීම් පුවරු ඉවතට

වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ නගරයේ ඇති අනවසර දැන්වීම් පුවරු ඉවත් කිරීමට කොළඹ මහනගර සභාව කටයුතු යොදා ඇති බව වාර්තා වේ. අදාල දැන්වීම් පුවරු ඉවත්කිරීම සදහා අද සිට දින 14 ක කාලයක් එම පුවරු අයිතිකරුවන්ට ලබාදෙන බව මහනගර සභා කොමසාරිස් ‍ඕමාර් කාමීල් මහතා පවසයි. එම දැන්වීම් පුවරු අදාල කාලයතුළ ඉවත් කිරීමට කටයුතු නොකරන්නේ නම් කිසිදු දැනුම්දීමකින් තොරව එම දැන්වීම් පුවරු ඉවත් කිරීමට පියවර ගන්නා බව ඔහු අවධාරණය කරයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශකර සිටියේ මහ නගර සභා ආඥා පනත යටතේ දැන්වීම් ප්‍රචාරණ කටයුතු සම්බන්ධ අතුරු ව්‍යවස්ථාවට අනුව මෙම ක්‍රියාමාර්ගය ගැනීමට කටයුතු යොදා ඇති බවයි.

කහ ඉරෙන් පමණක් පාර මාරුවෙන්න

මහාමාර්ගවල කහ ඉරි සංඥා ඇති ස්ථානවලින් පමණක් පාර මාරුවීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දිනය පුරා කොළඹ මහ නගර සභා සීමාව තුළ සිදුකෙරෙන බව පොලීසිය පවසයි. විශේෂයෙන්ම අනාරක්ෂිත ස්ථානවලින් පාර මාරුවීම හේතුවෙන් පසුගිය කාලය තුළ සිදුවූ රිය අනතුරු සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ලැබේ.

එබැවින් පදිකයන්ගේ ආරක්ෂාව පිණිස සිදුකරන මෙම වැඩසටහන සඳහා සහයෝගය ලබාදෙන ලෙස ‍පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

බස්නාහිර පළාත් රථවාහන හා රථවාහන මෙහෙයුම් භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක විජේතිලක මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මුස්ලිම් කොන්ග්‍රසයේ හදිසි උත්තරීතර මණ්ඩල සාකච්ඡාවක්

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය රජය සමග එක්වීමේ වැඩි ඉඩ කඩක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වුවද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා‍ගේ ප්‍රධානත්වයෙන් අද පසවරුවේ උත්තරීතර මණ්ඩලය රැස්වීමට නියමිත බවත් එහිදී වැදගත් දේශපාලන තීන්දු රැසක් ගැනීමට නියමිත බවත් පක්ෂයේ මහලේකම් හසන් අලී මහතා පැවසීය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශකර සිටියේ යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය ලබාදෙන්නේ ද නැද්ද යන්න පිළිබඳ මෙම උත්තරීතර මණ්ඩල සාකච්ඡාවේ දී වැඩි අවධානයක් යොමු වනු ඇති බවයි.

බීල ලෙඩ උනොත් නොමිලේ බෙහෙත් නැහැ

ලබන ජනවාරියේ සිට ක්‍රියාත්මක වන පරිදි යම්කිසි රෝගියෙකු මත්පැන් භාවිතයෙන් රෝගී තත්ත්වයට පත්ව ඇති බව තහවුරු වුව‍හොත් ප්‍රතිකාර ලබාගැනීමට රජයේ රෝහලකට ඇතුළු වන සෑම රෝගියෙකුගෙන්ම එම ප්‍රතිකාර සඳහා මුදලක් අය කරගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වේ. මෙම ක්‍රියාමාර්ගය ගනු ලැබුවේ මෙරට මත්පැන් භාවිතය අවම කිරීමේ අරමුණින් බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

ඉන්දීය අත්අඩංගුවට පත් තවත් ධීවරයන් පිරිසක් දිවයිනට

ඉන්දීය මුහුදු සීමා ආක්‍රමණය කිරීම හේ‍තුවෙන් තමිල්නාඩුවේ අත්අඩංගුවට පත් තවත් ධීවර කාර්මිකයන් 10ක් හා ධීවර යාත්‍රා 02ක් අද (26) පෙරවරුවේ කල්පිටිය මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට භාරදුන් බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය සඳහන් කරයි.

මීට පෙර මෙවැනි හේතූන් මත ඉන්දීය අත්අඩංගුවේ සිටි ධීවර කාර්මිකයන් 42ක් හා ධීවර යාත්‍රා 9ක් පසුගියදා මෙරටට පැමිණි අතර මේ වන විට ධීවර කාර්මිකයන් 67ක් සහ ධීවර යාත්‍රා 13ක් තමිල්නාඩු බලධාරීන් විසින් නිදහස් කර ඇත.

මේ වන විට ද අත්අඩංගුවේ සිටින ධීවරයන් හා ධීවර යාත්‍රා කඩිනමින් නිදහස් කර ගැනීමට කටයුතු කරන බව ද ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත මෙම ධීවර පිරිස හා ධීවර යාත්‍රා කෙටි කාලයක් තුළ නිදහස් කර ගැනීමට හැකි වූ බවයි.

අසභ්‍ය වෙබ් අඩවි 107ක් අවහිර කිරීමට පියවර

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව කරුණු සලකා බැලීමෙන් අනතුරුව ජංගම දුරකතන වලින් නැරඹිය හැකි අසභ්‍ය වෙබ් අඩවි 107ක් අවහිර කිරීමට පියවර ගන්නා ලෙස බත්තරමුල්ල ළමා මහේස්ත්‍රාත් අධිකරණය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට නියම කර ඇති බව වාර්තා වේ.




JPAGE_CURRENT_OF_TOTAL