නව තැපැල්පතිවරයා ලෙස පත් ව ඇති රෝහණ අබයරත්න මහතා අද (02) පෙරවරුවේ සුබමොහොතින් සිය රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නියමිත ව ඇත.
තැපැල් දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන මෙම අවස්ථාව සඳහා තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා ද සහභාගි වනු ඇත.
ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන අබයරත්න මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ විද්‍යා විශේෂවේදී උපාධිධරයෙකු වන අතර 1996 දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්විය.
සබරගමු පළාත් සභාවේ සහකාර ලේකම්වරයෙකු ලෙසින් පරිපාලන සේවයේ රාජකාරි ආරම්භ කළ අබයරත්න මහතා කුරුවිට සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස ද රෙදිපිළි පංගු මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස ද සහකාර ඉඩම් කොමසාරිස්වරයකු ලෙස ද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයෙකු ලෙස ද නාගරික සංවර්ධන අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස ද මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස ද ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස ද සංචාරක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා ලෙස ද ඔහු කටයුතු කර ඇත.
නව තැපැල්පති ධුරයට පත්වීමට පෙර ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා වශයෙන් ඔහු කටයුතු කරමින් සිටියේ ය.
රජයේ නිළ පුවත් වෙබ් අඩවියෙන්