වියට්නාම් තානාපති කාර්යාලයක් මෙරට ස්ථාපිත කිරීම සඳහා වියට්නාමය හා ශ්‍රී ලංකාව අතර එකඟත්වය පල වී තිබේ.
අග්නිදිග ආසියානු රටවල නියෝජිතයන්ගේ සැසිවරය මේ දිනවල වියට්නාමයේ හැනොයි නගරයේදී පැවැත් වෙන අතර ඊට සමගාමීව දෙරට නියෝජ්‍ය විදේශ අමාත්‍යවරු හමු වූ අවස්ථාවේදී මේ පිළිබඳ එකඟතාවයකට පැමිණියහ.
විදේශ නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන මහතා ඇතුළු ශ්‍රී ලාංකීය දූත පිරිසක් මේ දිනවල වියට්නාමයේ නිල සංචාරයක නිරත වන අතර එහිදී වියට්නාමය ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියට ලබාදෙන සහාය පිළිබඳ ඇගයීමට ද ලක්විය.
අග්නිදිග ආසියානු රටවල තවදුරටත් ක්‍රියාත්මක වන එල්ටීටීඊ ක්‍රියාකාරකම් පාලනය කිරීම සඳහා වියට්නාම් බුද්ධි සේවාවල සහාය ලබාගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානයට ලක් විය.
Monday, Feb 06th
Last update:11:29:13 AM GMT
Headlines:


