Thursday, Feb 09th

Last update:02:23:49 PM GMT

Headlines:
You are here: සන්නස පුවත් සන්නස පුවත් නීති විරෝධි විදේශ රැකියා ‍නියෝජිත ආයතන පහක් වටලයි

නීති විරෝධි විදේශ රැකියා ‍නියෝජිත ආයතන පහක් වටලයි

නීති විරෝධි විදේශ රැකියා ‍නියෝජිත ආයතන පහක් වැටලීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමත්ව තිබේ. විදේශ නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ෂණ අංශයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇති බව වාර්තා වේ. මේ අනුව නුවරඑළිය, හාලිඇල, බදුල්ල වැලිමඩ, මහව, අඹන්පොල - උතුර ප්‍රදේශයේ සහ කොළඹ මරදාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙවැනිම විදේශ රැකියා ආයතන දෙකක් වටලා පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.