එසේම මෙම මස 09, 21 හා 28 යන දිනයන් ද ඩෙංගු මර්දන ජාතික දින ලෙස නම් කර ඇත.
මීට අමතරව අගෝස්තු මස 16 වනදා සිට 21 වනදා දක්වා ඩෙංගු මර්දන සතියක් ද රජය විසින් ප්‍රකාශයට පත්කර ඇත.
මේ අතර ඩෙංගු රෝග වාහක මදුරුවන් මර්දනය සඳහා ජාතික මට්ටමෙන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී මදුරුවන් බෝවීම වැළැක්වීමේ පනත දැඩිව ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය බලධාරීන්ට ද උපදෙස් දී තිබේ.
තවද ඩෙංගු රෝගය මර්දනය සඳහා සියලුම ආරක්ෂක අංශවල සහයෝගය ද ලබාගැනෙන අතර මේ සම්බන්ධයෙන් පත්කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකාය හරහා ඩෙංගු මර්දන ජාතික වැඩපිළිවෙළට අවශ්‍ය රජයේ අනුග්‍රහය ලබාදීමට ද පියවර ගෙන ඇත.
මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 23,145 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් පුද්ගලයන් 171 දෙනෙකු මියගොස් තිබේ.


