Thursday, Feb 09th

Last update:02:23:49 PM GMT

Headlines:
You are here: සන්නස පුවත් සන්නස පුවත් ප්‍රවීන කලාකරු ආර්.ආර්. සමරකෝන් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන කලාකරු ආර්.ආර්. සමරකෝන් අභාවප්‍රාප්ත වෙයි

Image
ප්‍රවීන නාට්‍යවේදියකු වන ආර්.ආර්. සමරකෝන් මහතා  අභාවප්‍රාප්ත විය. කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට 71 වන වියේ පසුවිය.

‘ලෙඩක් නැති ලෙඩෙක්’ නම් වූ වේදිකා නාට්‍යයෙන් නාට්‍යකරණයට පිවිසි ඒ මහතා කැලණි පාලම, කකුල් හතරේ ඉලංදාරියා, අහසින් වැටුණු මිනිස්සු, ජේලර් උන්නැහේ, දූවිලි වැනි වේදිකා නාට්‍ය ගණනාවක් නිර්මාණය කරමින් රසික ප්‍රසාදය දිනාගත්තේය.

ගත්කතුවරයෙකු ද වූ ඒ මහතා ප්‍රවීන රංගන ශිල්පිනියක හා ගුවන් විදුලි නිවේදිකාවක වන රම්‍යා වනිගසේකර මහත්මියගේ ස්වාමිපුරුෂයා වේ.

මේ වන විට ඒ මහතාගේ දේහය වාද්දූව, උතුරු තල්පිටියේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇත