Monday, Feb 06th

Last update:11:29:13 AM GMT

Headlines:
You are here: සන්නස පුවත් සන්නස පුවත් හම්බන්තොට වරායට ජලය පිරවීම 15 දා

හම්බන්තොට වරායට ජලය පිරවීම 15 දා

Image
හම්බන්තොට වරාය පළමු අදියර මේ වන විට නිම කොට ඇති බවත්, අගෝස්තු (15) දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින්  වරාය භූමියට ජලය පිරවීමට නියමිතව ඇති බව වරාය අධිකාරි සභාපති ප්‍රියනත් බන්දුවික්‍රම මහතා ප්‍රකාශ කරයි.
සභාපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (01) දින හම්බන්තොට වරාය පතුලේ පැවති ඓතිහාසික ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

හම්බන්තොට වරායේ සම්පූර්ණ ව්‍යාපෘතිය අදියර 4 න් සමන්විත  වේ. ඒ අනූව ඇමරිකානු ඩොලර් මිලියන 650ක ආ‍යෝජනයකින් නිම කොට ඇති පළමු අදියරේ වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම මේ වන විට අවසන්ව ඇති අතර මෙම වසරේ නොවැම්බර් වන විට ප්‍රථම නැව සේන්දු කිරීමට හැකිවෙතැයි බලාපොරොත්තු වේ.

හම්බන්තොට වරායේ සම්පූර්ණ විශාලත්වය හෙක්ටයාර 2000 ක් වන අතර, මීටර් 12 ක විශාලත්වයෙන් යුත් ජැටියක් මෙම පළමු අදියර යටතේ නිමකර ඇත. මෙය විශාල නැව් 2 ක් එකවර නැවැත්වීම සඳහා අවශ්‍ය ඉඩ ප්‍රමාණයෙන් යුතුවේ.