රජය විසින් ප්‍රකාශයට පත්කරන ලද ජාතික ඩෙංගු මර්දන සතිය අද (16) ආරම්භ වේ. මෙය ලබන 22 දක්වා ක්‍රියාත්මක වේ.
මේ අනුව දිවයින පුරා මදුරු මර්දන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙහිදී නිවාස, රජයේ ආයතන, පෞද්ගලික ආයතන ඇතුළු මදුරුවන් බෝවිය හැකි සියලුම ස්ථාන විනාශ කිරීමට පියවර ගැනේ.
තවද ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කෙරෙන අතර ජනතා සහභාගිත්වයෙන් සිදුකෙරෙන ශ්‍රමදාන වැනි කාර්යයන් සිදුකිරීමට ද නියමිතය.
ඩෙංගු රෝග වාහක මදුරුවන් මර්දනය සඳහා ජාතික මට්ටමෙන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී මදුරුවන් බෝවීම වැළැක්වීමේ පනත ද දැඩිව ක්‍රියාත්මක කෙරේ.
ඩෙංගු රෝගය මර්දනය සඳහා සියලුම ආරක්ෂක අංශවල සහයෝගය ද ලබාගැනෙන අතර මේ සම්බන්ධයෙන් පත්කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකාය හරහා ඩෙංගු මර්දන ජාතික වැඩපිළිවෙළට අවශ්‍ය රජයේ අනුග්‍රහය ලබාදීමට ද පියවර ගෙන ඇත.
මේ අතර ඩෙංගු රෝගයෙන් අසාධ්‍ය තත්වයට පත්වූ රෝගීන්ගේ රුධිර තරල පරිමාව ඉහළ නැංවීම සඳහා යොදාගනු ලබන ඩෙක්ස්‍ට්‍රෑන්-40 නමින් හඳුන්වන විශේෂ ඖෂධයක් ද තායිලන්තයෙන් මෙරටට ගෙන්වීමට රජය පියවර ගත්තේය.
තායිලන්තයේ ඩෙංගු රෝගීන් සඳහා භාවිත කරනු ලබන මෙම ඖෂධය මගින් සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ඇත.
මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 25,880 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
Thursday, Feb 09th
Last update:02:23:49 PM GMT
Headlines:


