Thursday, Feb 09th

Last update:02:23:49 PM GMT

Headlines:
You are here: සන්නස පුවත් සන්නස පුවත් බී.ටී.අයි. බැක්ටීරියාව නැව්ගත කෙරේ

බී.ටී.අයි. බැක්ටීරියාව නැව්ගත කෙරේ

Image
ඩෙංගු මදුරුවන් මර්දනය කිරීම සඳහා යොදාගන්නා කියුබාවේ නිෂ්පාදිත බී.ටී.අයි. බැක්ටීරියාව මේ වන විට නැව්ගත කරමින් පවතින බව මැලේරියා මර්දන ඒකකය පවසයි.

මේ අනුව මෙම බැක්ටීරියා ලීටර් 10,000ක් ගෙන්වන අතර ඒ සඳහා රුපියල් මිලියන 30ක මුදලක් වැයකෙ‍රෙන බව මැලේරියා හා වාහක අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් දෙනියගේ මහතා  ප්‍රකාශ කළේය.

මෙම බැක්ටීරියාව මෙරටට ගෙන්වීමෙන් අනතුරුව ප්‍රථමයෙන්ම මහනුවර ප්‍රදේශයේ මදුරු මර්දන කටයුතු සඳහා යොදාගැනීමට නියමිතය. ඉන් අනතුරුව එය අනෙකුත් ප්‍රදේශවල ද භාවිතයට ගැනෙනු ඇත.

මීට අමතරව මේ වන විට දිවයින පුරා මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර මෙම වසර තුළ මේ දක්වා දිවයින පුරා ඩෙංගු රෝගීන් 26,131 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.