මෙම වෛද්‍ය කණ්ඩායමට විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක්, වෛද්‍යවරු පස් දෙනෙක්, හෙදියන් පස් දෙනෙක්, ඖෂධවේදීන් දෙදෙනෙක් සහ සහායකයෙක් අයත් වන අතර කණ්ඩායමේ කළමනාකරණ කටයුතු සඳහා වෛද්‍යවරයෙක් ද ඇතුළත් වේ.
මෙම පිරිස සමග රුපියල් මිලියන 2.5ක් වටිනා ඖෂධ හා ශල්‍ය උපකරණ තොගයක් ද යවා ඇති අතර වෛද්‍යවරුන්ට අවශ්‍ය ආහාරපාන ද යැවීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
පකිස්තානයේ කඳවුරුවල රැඳී සිටින ජනයා අතර බෝවන රෝග පැතිර යාමේ අවදානමක් මතුව තිබේ. මෙහිදී විශේෂයෙන්ම පසුගිය සුනාමි අවස්ථාවේදී සහ කිලිනොච්චි හා මුලතිව් ප්‍රදේශවල සිට වව්නියාවට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පැමිණි අවස්ථාවේදී ඔවුන් අතර බෝවන රෝග පැතිර යාම වළක්වාගැනීම සම්බන්ධයෙන් අනුගමනය කළ අත්දැකීම් ද උපයෝගී කරගනු ඇත.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම වෛද්‍ය කණ්ඩායම එරටට යැවීමට පියවර ගෙන තිබේ.


