මාතර ප්‍රාදේශීය ආදායම් බදු කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්වරයාට පහරදුන් පුද්ගලයින් මේ වන තෙක් අත් අඩංගුවට නොගැනීම නිසා එයට විරෝධය පළ කරමින් දේශීය ආදායම් බදු නිලධාරීන් අද සිට ක්ෂේත්‍ර රාජකාරී වලින් ඉවත් වීමට තීරණය කර ඇත.
ඒ අනූව බදු එකතු කිරීම , විගණන කටයුතු හා විමර්ශන කටයුතු සඳහා සිය නිලධාරීන් අද සිට ඉවත් වන බව වාර්තා වන අතර මැර ප්‍රහාරයට අදාළ සැකකරුවන් වහාම අත් අඩංගුවට ගන්නා ලෙස ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට නියෝග කර ඇති බවද වාර්තා වේ. තවද දේශිය ආදායම් ප්‍රධාන කාර්යාලය ඇතුළු අනෙකුත් සේවයේ නියතු වූවන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇතැයි සඳහන් වේ.
Thursday, Feb 09th
Last update:02:23:49 PM GMT
Headlines:


