එල්.ටී.ටී ඊ සංවිධානයට සහාය දැක්වූ පුද්ගලයන් හය දෙනෙකුට ඉන්දීය අධිකරණයෙන් දඬුවම් ලබා දී ඇති බව එරට ආරංචි මාර්ග සඳහන් කරයි. ඉන්දීය අධිකරණය විසින් මොවුන්ට වසරක සිර දඬුවම් නියම කොට ඇත.
2007 වසර ඉන්දියාවේ කිව් බ්රාන්ච් (Q Branch) පොලීසියට ලැබුණු තොරතුරකට අනුව පවරන ලද නඩුව විභාග කිරීමේන් අණතුරව මෙම දඬුවම නියම කිරීමට ඉන්දියානු අධිකරණය තීරණය කර ඇත.
එම ආරංචි මාර්ග සඳහන් කළේ එල්.ටී.ටී.ඊටය සහාය දැක්වීම සඳහා ඔවුන් ලබාගෙන තිබූ ඉන්දියානු රුපියල් ලක්ෂ හතරකට අධික මුදලක් ද අත්අඩංගුවට ගැනීමට එම පොලිස් නිලධාරීන්ට හැකියාව ලැබී තිබෙන බවයි.


