Monday, Feb 06th

Last update:11:29:13 AM GMT

Headlines:
You are here: සන්නස පුවත් සන්නස පුවත් කොළඹ අපිරිසිඳු හෝටල් සොයා හදිසි මෙහෙයුමක්

කොළඹ අපිරිසිඳු හෝටල් සොයා හදිසි මෙහෙයුමක්

පාරිභෝජනයට නුසුදුසු ආහාර ‍අළෙවි කළ හෝටල් රැසකට එරෙහිව නඩු පැවරේ. කොළඹ නාගරික ‍සෞඛ්‍ය පරීක්ෂකවරු සහ පොලීසිය එක්ව මෙම හදිසි වැටලීම සිදුකර ඇත.

කොළඹ මහ නගර සීමාව තුල ඇති හෝටල් සහ ආපන ශාලා පිළිබදව එහිදී සොයා බැලිණි. මහජන සෞඛ්‍යට අහිතකර ලෙස ආහාර ගබඩා කරන හෝටල් රැසක් නිතියේ රැහැනට හසු කර ගැනීමේ  හැකියාව ලැබී තිබේ. පාරිභෝජනයට නුසුදුසු ලෙස ආහාර ගබඩා කර තිබූ ස්ථාන රැසක් ද එහිදී සොයාගෙන ඇත.

එම හෝටල් සහ අපනශාලා හිමියන් සඳහා නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව  කොළඹ මහ නගර සභාවේ කොමසාරිස් ඕමාර් කාමිල් මහතා අවධාරණය කරයි.