Monday, Feb 06th

Last update:11:29:13 AM GMT

Headlines:
You are here: සන්නස පුවත් සන්නස පුවත් ලෝකයේ හොඳම ර‍ටවල් 100 අතරට ලංකාවත්

ලෝකයේ හොඳම ර‍ටවල් 100 අතරට ලංකාවත්

Image
ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ හොඳම රටවල් සියය අතරට  එක්වේ. සෞඛ්‍ය සම්පන්න හා සමෘද්ධිමත් රටක් ලෙස ශ්‍රී ලංකාවට මෙම ස්ථානය හිමිවී තිබේ. මෙහිදී ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 66 වැනි ස්ථානයයි. ආසියාවේ ප්‍රධාන පෙළේ රටවල් ද ඉක්ම‍වා මෙම ස්ථානය හිමිකර‍ ගැනීම විශේෂත්වයකි.
‘නිවුස් වික්’ සඟරාව මගින් පැවැත්වූ මෙම සමීක්ෂණයේදී ඉන්දියාව හිමිකර ගත්තේ 78 වැනි ස්ථානයයි. පාකිස්ථානය 89 වැනි ස්ථානයේ පසු වූ අතර බංග්ලාදේශය 88 වැනි ස්ථානය හිමිකර ගෙන සිටී.

මෙහි පළමු වැනි ස්ථානය පින්ලන්තයට හිමිවිය. ස්විස්ටර්ලන්තය හා ස්වීඩනය පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකරගෙන සි‍ටින අතර ලොව බලවතා වන ඇමෙරිකාව හිමිකරගෙන ඇත්තේ 11 වැනි ස්ථානයයි.