2010 අගෝස්තු 20 වෙනි සිකුරාදා, 20:26
සකසනය
මහනුවර ඇසල පෙරහැර රාජකාරී සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන් මහජනතාව හැසිරවීමේදී ආචාරශීලී විය යුතු බවත්, එසේ නොවන පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා පවසයි. පොලිස් සේවය මහජන මිත්‍රශීලී සේවයක් කරා ගෙනයාම අරමුණු කරගනිමින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව ඒ මහතා සඳහන් කළේය.
මේ අනුව ජනතාවට ආචාරශීලී ලෙස නොසලක නිලධාරීන් සම්බන්ධයෙන් තමා වෙත දැනුම් දෙන ලෙස නවරත්න මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ඔහු පෙන්වා දුන්නේ මහජනතාවට අකාරුණික ලෙස සලකන ලද පොලිස් නිලධාරියෙකු අසාදු ලේඛනගත කිරීමට පියවර ගත් බවයි. මෙම පොලිස් නිලධාරියාට මාස තුනක කාලයක් ගතවන තෙක් කිසිදු උසස් වීමකට ඉල්ලුම් කළ නොහැක. එසේම ජනතාවට කාරුණික ලෙස සලකමින් රාජකාරී කටයුතු ඉටුකරන ලද පොලිස් නිලධාරිනියකට මුදල් ත්‍යාගයක් පිරිනැමීමට පියවර ගත් බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
මේ අයුරින් ඉදිරියේදී ද පොලිස් නිලධාරීන්ගේ හැසිරීම් රටාව අධීක්ෂණය කරන බවත්, ඒ අනුව ඉදිරි පියවර ගන්නා බවත් නවරත්න මහතා සඳහන් කළේය.
මෙවර ඇසල පෙරහැර සඳහා දැඩි ආරක්ෂාවක් යෙදීමට පියවර ගෙන ඇති අතර මේ වෙනුවෙන් පොලිස් නිලධාරීන් 6,000ක් පමණ යොදවා ඇත. එසේම ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, බුද්ධි අංශ සාමාජිකයන් මෙන්ම සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන් ද ආරක්ෂක කටයුතු සඳහා සම්බන්ධ කරගෙන ඇත.
|
|
|