මෙතෙක් ශ්‍රී ලංකාවේන් වාර්තා වූ විශාලතම ඛණිජ තෙල් ජාවාරම මෙය වේ. කොළඔ ප්‍රදේශය අවට වැටලීම් සිදුකර ඇත. මෙම ජාවාරමට සම්බන්ධ ස්ථාන 11ක් මේ වනවිට සොයා ගැනීමට පොලිස් විශේෂ කාරය බලකායට හැකියාව ලැබී ඇත.
නැව්වලින් ඉවත් කෙරෙන කළු තෙල් ලීටර් දහස් ගණනක් ඉතා අඩු මුදලට රැගෙනවිත් වර්ණ වෙනස් කොට ඩිසල් මෙන් සකස් කිරීම මෙම ස්ථානවල සිදු කර තිබේ.
ඛණිජ තෙල් සංස්ථාවේ සිට රැගෙන එන බව්සරවලින් නියම ඉන්ධන ඉවත්කොට ඒ වෙනුවට මෙම ව්‍යාජ ඉන්ධන ඇතලත් කර ඉන්ධන පිරවුම්හල් වෙත යැවීම ජාවාරම් කරුවන් විසින් වසර ගණනාවක සිට සිදු කරනු ලැබ ඇත.
දිවයින පුරාම මෙම ජාවාරම සිදුකර ඇතැයි තොරතුරු අනාවරණය වී ඇත.
මෙම ස්ථානවල තිබී කළු තෙල් ලීටර් 30,000ක් සහ සොරකම් කළ ඩීසල් 15,000ක් සොයා ගෙන ඇත.
ආරක්ෂක ලේකම්වරයාගේ මගපෙන්වීම යටතේ බුද්ධි අංශවල ද සහාය ඇතිව විශේෂ කාර්ය බලකාය මෙම මෙහෙයුම ක්‍රියාත්මක කොට තිබේ.