ඊයේ රාත්‍රියේ සිට ඇද හැලෙන අධික වර්ෂාපතනයත් සමග ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට පියවර ගෙන ඇත. අද පෙරවරුවේ එම ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති බවත් හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ කිතුල්ගල සහ හැටන් දක්වා වන මාර්ගයේ අධික මීදුම් තත්ත්වයක් පවතින බව ද වාර්තා වේ. රථවාහන ධාවනයේ දී වඩාත් සැලකිලිමත් වන ලෙස හැටන් රථවාහන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.


