Monday, Feb 06th

Last update:11:29:13 AM GMT

Headlines:
You are here: සන්නස පුවත් සන්නස පුවත් කොරියානු රැකියා සදහා 30,000 කට ආසන්න අයදුම්පත්

කොරියානු රැකියා සදහා 30,000 කට ආසන්න අයදුම්පත්

මෙවර කොරියානු රැකියා සඳහා පවත්වනු ලබන කොරියානු භාෂා විභාගයට පෙනී සිටින පුද්ගලයින් සංඛ්‍යාව 30 ,000 ට ආසන්න බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. වැඩිදුරටත් අදහස් දක්වන එම කාර්යංශය පවසනුයේ මේ වන විට දිවයින පුරා පුද්ගලයින් 29 ,732 ක් ඒ සදහා අයදුම් කර ඇති බවයි. මේ වසරේ ඔක්තෝබර් මාසයේ විභාගය පැවැත්වීමට මේ වන විට සැලසුම් කර ඇති අතර විභාගයෙන් සමත් වන පුද්ගලයින් 5000 ක් කොරියානු රැකියා සඳහා තෝරා ගැනීමට නියමිතය.