Thursday, Feb 09th

Last update:02:23:49 PM GMT

Headlines:
You are here: සන්නස පුවත් සන්නස පුවත් ඉන්දීය අත්අඩංගුවට පත් තවත් ධීවරයන් පිරිසක් දිවයිනට

ඉන්දීය අත්අඩංගුවට පත් තවත් ධීවරයන් පිරිසක් දිවයිනට

ඉන්දීය මුහුදු සීමා ආක්‍රමණය කිරීම හේ‍තුවෙන් තමිල්නාඩුවේ අත්අඩංගුවට පත් තවත් ධීවර කාර්මිකයන් 10ක් හා ධීවර යාත්‍රා 02ක් අද (26) පෙරවරුවේ කල්පිටිය මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට භාරදුන් බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය සඳහන් කරයි.

මීට පෙර මෙවැනි හේතූන් මත ඉන්දීය අත්අඩංගුවේ සිටි ධීවර කාර්මිකයන් 42ක් හා ධීවර යාත්‍රා 9ක් පසුගියදා මෙරටට පැමිණි අතර මේ වන විට ධීවර කාර්මිකයන් 67ක් සහ ධීවර යාත්‍රා 13ක් තමිල්නාඩු බලධාරීන් විසින් නිදහස් කර ඇත.

මේ වන විට ද අත්අඩංගුවේ සිටින ධීවරයන් හා ධීවර යාත්‍රා කඩිනමින් නිදහස් කර ගැනීමට කටයුතු කරන බව ද ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත මෙම ධීවර පිරිස හා ධීවර යාත්‍රා කෙටි කාලයක් තුළ නිදහස් කර ගැනීමට හැකි වූ බවයි.