ලබන ජනවාරියේ සිට ක්‍රියාත්මක වන පරිදි යම්කිසි රෝගියෙකු මත්පැන් භාවිතයෙන් රෝගී තත්ත්වයට පත්ව ඇති බව තහවුරු වුවහොත් ප්‍රතිකාර ලබාගැනීමට රජයේ රෝහලකට ඇතුළු වන සෑම රෝගියෙකුගෙන්ම එම ප්‍රතිකාර සඳහා මුදලක් අය කරගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වේ. මෙම ක්‍රියාමාර්ගය ගනු ලැබුවේ මෙරට මත්පැන් භාවිතය අවම කිරීමේ අරමුණින් බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.


