ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය රජය සමග එක්වීමේ වැඩි ඉඩ කඩක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වුවද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද පසවරුවේ උත්තරීතර මණ්ඩලය රැස්වීමට නියමිත බවත් එහිදී වැදගත් දේශපාලන තීන්දු රැසක් ගැනීමට නියමිත බවත් පක්ෂයේ මහලේකම් හසන් අලී මහතා පැවසීය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශකර සිටියේ යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය ලබාදෙන්නේ ද නැද්ද යන්න පිළිබඳ මෙම උත්තරීතර මණ්ඩල සාකච්ඡාවේ දී වැඩි අවධානයක් යොමු වනු ඇති බවයි.
Monday, Feb 06th
Last update:11:29:13 AM GMT
Headlines:


