මහාමාර්ගවල කහ ඉරි සංඥා ඇති ස්ථානවලින් පමණක් පාර මාරුවීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දිනය පුරා කොළඹ මහ නගර සභා සීමාව තුළ සිදුකෙරෙන බව පොලීසිය පවසයි. විශේෂයෙන්ම අනාරක්ෂිත ස්ථානවලින් පාර මාරුවීම හේතුවෙන් පසුගිය කාලය තුළ සිදුවූ රිය අනතුරු සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ලැබේ.
එබැවින් පදිකයන්ගේ ආරක්ෂාව පිණිස සිදුකරන මෙම වැඩසටහන සඳහා සහයෝගය ලබාදෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
බස්නාහිර පළාත් රථවාහන හා රථවාහන මෙහෙයුම් භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක විජේතිලක මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
Thursday, Feb 09th
Last update:02:23:49 PM GMT
Headlines:


