Monday, Feb 06th

Last update:11:29:13 AM GMT

Headlines:
You are here: සන්නස පුවත් සන්නස පුවත් දින 14 ක් ඇතුලත කොළඹ නගරයේ දැන්වීම් පුවරු ඉවතට

දින 14 ක් ඇතුලත කොළඹ නගරයේ දැන්වීම් පුවරු ඉවතට

වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ නගරයේ ඇති අනවසර දැන්වීම් පුවරු ඉවත් කිරීමට කොළඹ මහනගර සභාව කටයුතු යොදා ඇති බව වාර්තා වේ. අදාල දැන්වීම් පුවරු ඉවත්කිරීම සදහා අද සිට දින 14 ක කාලයක් එම පුවරු අයිතිකරුවන්ට ලබාදෙන බව මහනගර සභා කොමසාරිස් ‍ඕමාර් කාමීල් මහතා පවසයි. එම දැන්වීම් පුවරු අදාල කාලයතුළ ඉවත් කිරීමට කටයුතු නොකරන්නේ නම් කිසිදු දැනුම්දීමකින් තොරව එම දැන්වීම් පුවරු ඉවත් කිරීමට පියවර ගන්නා බව ඔහු අවධාරණය කරයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශකර සිටියේ මහ නගර සභා ආඥා පනත යටතේ දැන්වීම් ප්‍රචාරණ කටයුතු සම්බන්ධ අතුරු ව්‍යවස්ථාවට අනුව මෙම ක්‍රියාමාර්ගය ගැනීමට කටයුතු යොදා ඇති බවයි.