ලබන 7 වන දායින් ආරම්භවල පාර්ලිමේන්තු සතියේදී යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාරිල්මේන්තුවට ඉදිරිපත් කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කර සිටියේ අදාළ ව්‍යවස්ථා සංශෝධනය ලබන සතියේ දී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි. ඒ අනුව ලබන මස 7 වෙනිදායින් ඇරඹෙන පාර්ලිමේන්තු සැසියන්ට ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් අනිවාර්යයෙන්ම සහභාගී විය යුතු බව තමන් විසින් දැනටමත් උපදෙස් ලබා දී ඇති බවද සදහන් කළේය.
Monday, Feb 06th
Last update:11:29:13 AM GMT
Headlines:


