Thursday, Feb 09th

Last update:02:23:49 PM GMT

Headlines:
You are here: සන්නස පුවත් සන්නස පුවත් මී උණෙන් මිදීමට ආරක්ෂිත ප්‍රතිකාර ගන්න

මී උණෙන් මිදීමට ආරක්ෂිත ප්‍රතිකාර ගන්න

එළඹෙන මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීමට පෙර මී උණ සඳහා ආරක්ෂිත ප්‍රතිකාර ලබාගන්නා ලෙස වසංගත රෝග විද්‍යා අංශය ගොවි ජනතාවට දන්වා සිටී.
මෙම ප්‍රතිකාර ප්‍රදේශයේ කෘෂිකර්ම නිලධාරියා හරහා මහජන සෞඛ්‍ය පරීක්ෂක වෙතින් නොමිලේ ලබාගත හැකිය.
මෙම වසර තුළ මේ දක්වා දිවයින පුරා මී උණ රෝගීන් 2,425 දෙනෙකු වාර්තා වී ඇති අතර රෝගීන් 51 දෙනෙකු මියගොස් ඇත. මියගිය රෝගීන් අතරින් 11 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් ද තවත් 11 දෙනෙකු මාතර දිස්ත්‍රික්කයෙන් ද වාර්තා වී ඇත.
එසේම රෝගීන්ගෙන් වැඩි පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ, ගම්පහ, කළුතර, මාතර, කුරුණෑගල, රත්නපුර හා කෑගල්ල යන දිස්ත්‍රික්කවලිනි.
මේ අනුව රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙස එම ඒකකය ඉල්ලා සිටී