2010 අගෝස්තු 31 වෙනි අඟහරුවාදා, 21:28
සකසනය
නව ග්‍රාම නිලධාරී පත්වීම් 2000 ක් ලබා දීම සඳහා රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇති බව එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් අනුර ප්‍රියබන්දු මහතා පවසයි. ඒ මහතා සඳහන් කරන්නේ දිවයින පුරා ග්‍රාම නිලධාරීන් 14,022 ක් සිටින අතර ඉන් පුරප්පාඩු වී ඇති 2000 ක් පමණ පිරිස බඳවා ගැනීමට අමාත්‍යාංශය කටයුතු කරන බවයි.
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විෂයන් තුනක් සමත් වූ පුද්ගලයින් පමණක් මෙවර ග්‍රාමනිලධාරීන් ලෙස බඳවා ගැනීමට අමාත්‍යාංශය අදහස් කර ඇත. මීට පෙර ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේදී අධ්‍යාපන සුදුසුකම් ලෙස අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පමණක් සමත් වීම සුදුසුකමක් ලෙස සැලකීය
|
|
|