ප්‍රවීණ දේශපාලනඥයකු වූ ලක්ෂ්මන් ජයකොඩි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට ( 02) පස්වරුවේ දිවුලපිටිය ප්‍රාදේශීය සභා පිටියේ දී සිදු කෙරේ.
1960 වර්ෂයේ දිවුලපිටිය මැතිවරණ කොට්ඨාශය ජයගෙන පාර්ලිමේන්තුවට පැමිණි ඒ මහතා එදා මෙදා තුර විවිධ තනතුරු ඉසිලීය. 1970 වර්ෂයේදී රාජ්‍ය ආරක්ෂක හා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස එතුමා ඉමහත් සේවයක් ඉටු කළේය.
පොදු ජන එක්සත් පෙරමුණු රජයේ සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය ධූරය ද හෙබවූ ජයකොඩි මහතා මිය යන තෙක්ම ජනාධිපති උපදේශකවරයෙක් ලෙස කටයුතු කළේය. දිවුලපිටිය බලගල්ලේ පිහිටි ඒ මහතාගේ නිවසේ දේහය තැම්පත් කර ඇත.
Thursday, Feb 09th
Last update:02:23:49 PM GMT
Headlines:


