මුදල් රැස්කිරීම හා අවිආයුධ මිලට ගැනීම සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ යට අයත් සමාජිකයින් තිදෙනෙකුට ජර්මන් අධිකරණයෙන් නඩු පැවරේ. ශ්‍රී ලාංකික ත්‍රස්ත සාමාජිකයින් තිදෙනෙකුට මෙසේ නඩු පවරා ඇතැයි ජර්මානු රජය පවසයි.
මොවුන් තිදෙනා පසුගිය මාර්තු මාසයේ ජර්මනියේ ඔබේහුසේන් නගරයේ දී අත්අඩංගුවට ගෙන ඇත. ජර්මනිය තුළ තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් වන එල්.ටී.ටී ඊ යට සම්බන්ධ වීම හා අපනයන නීති උල්ලංඝණය කිරීම ඔවුන්ට එරෙහි චොදනා වේ.
2007 ජූලි සහ 2009 අප්‍රෙල් දක්වා කාලය තුළ මොවුන් එල්.ටී.ටී.ඊ සංවිධානය සඳහා අවි ආයුධ මිලට ගැනීම පිණිස ජර්මනියේ වෙසෙන දෙමල ජාතිකයන්ගෙන් යුරෝ මිලියන 3ක මුදලක් එක් රැස් කර ඇති බව ද වාර්තා වේ.
Thursday, Feb 09th
Last update:02:23:49 PM GMT
Headlines:


