ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 59 වැනි සංවත්සරය අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද(02)අරලිය ගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.
1951 වසරේ සැප්තැම්බර් මස 2වෙනි දා හිටපු අගමැති දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ විය.
ශ්‍රී ලංකාව, ත්‍රස්තවාදයෙන් තොර සංවර්ධනාත්මක ඉදිරි පියවර රැසක් තැබූ අවස්ථාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,එහි සභාපති අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයේ 59 වැනි සංවත්සරය සැමරීම ඓතිහාසික අවස්ථාවකි.
මේ අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතවරු,පාක්ෂිකයන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ අත්වැල් බැදගෙන සිටින පක්ෂ නායකයෝ ද සහභාගී වීමට නියමිතය.
Monday, Feb 06th
Last update:11:29:13 AM GMT
Headlines:


