තීරු ගාස්තු පැහැර හැරීම, මත් ද්‍රව්‍ය, සිගරට්, විදේශ මුදල්, දුර්ලභ සත්ත්ව හා ශාක, කෞතුක භාණ්ඩ සම්බන්ධයෙන් නීති විරෝධි ව ආනයන අපනයනයන් සිදුකරන විට එම තොරතුරු වහා ම රේගුවට දැනුම්දීමට මෙමගින් ඉඩකඩ ලැබේ.
මීට අමතර ව මෙම විශේෂ අංකය මගින් රේගු නීතියට පටහැනි යැයි සැකකරන ඕනෑම කටයුත්තක් පිළිබඳ ව විමසීමේ හැකියාව ද පවතී.
011-2471471 යන මෙම දුරකතන අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක වේ.
මෙම අංකය වෙත ලබා දෙන තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කෙරෙන අතර නිවැරදි තොරතුරු ලබා දෙන පුද්ගලයන් වෙත ත්‍යාග මුදල් ලබා දී ම ද සිදු කෙරේ.
එබැවින් සමාජය හා ආර්ථිකය සුරැකීම සඳහා සහය වන්නැයි ශ්‍රී ලංකා රේගුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.


