Thursday, Feb 09th

Last update:02:23:49 PM GMT

Headlines:
You are here: සන්නස පුවත් සන්නස පුවත් උසස් පෙළ / ශිෂ්‍යත්ව ඇගයීම් ඇරඹේ

උසස් පෙළ / ශිෂ්‍යත්ව ඇගයීම් ඇරඹේ

Image

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවන අදියර අද (05) ආරම්භ වන අතර එය ලබන 18 වනදා දක්වා සිදු කෙරේ.

ජනප්‍රිය පාසසල්වලට සිසුන් තෝරාගැනීමට පවත්වන ලද ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් ද අද ආරම්භ වේ.

පාසල් 46 ක දී අදියර තුනක් යටතේ මෙම ඇගයීම් කටයුතු සිදු කෙරෙන අතර මෙහි ප්‍රථම අදියර 12 වැනි දා අවසන් කෙරේ. තෙවන අදියරේ ඇගයීම් 13 වනදා සිට 24වන දා දක්වා පැවැත්වීමට නියමිත ය.

මේ අනුව පළමු අදි‍යරේ ඇගයීම් සිදු කරන පාසල් ලබන 13වන දා නව පාසල් වාරය සඳහා ආරම්භ කෙරේ.

දෙවන අදියර සඳහා යොදාගන්නා පාසල් 20වන දා සහ තෙවන අදියරේ ඇගයීම් සිදු කෙරෙන පාසල් 27වන දා ආරම්භ කෙරේ.

මේ අතර 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු පාසල් 28ක දී ලබන 09 වනදා දක්වා පැවැත්වෙන අතර එම පාසල් ද 13වන දා නැවත ආරම්භ කෙරේ.