ඉන්දීය යුද හමුදාපති ජෙනරාල් වී. කේ. සිං මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (05) දිවයිනට පැමිණේ
යුද හමුදාමය ද්වීපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීම ඉන්දීය හමුදාපතිවරයාගේ මේ සංචාරයේ අරමුණ වී තිබේ.මේ සංචාරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය දි මු ජයරත්න මහතා ද හමු වී සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂිත ය. එසේ ම ත්‍රිවිධ හමුදාපතිවරුන් සමග ද සිං මහතා සාකච්ඡා පවත්වයි.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර විවිධ ක්ෂේත්‍රවලින් ඓතිහාසික සබඳතාවන් ගොඩනැඟී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය සුරකින රටවල් ලෙසත් නොබැඳී ජාතීන්ගේ සමුළුවේ සාමාජිකයින් ලෙසත් දකුණු ආසියානු සහයෝගිතාව සුරකින සාක් රාජ්‍ය නායක සමුළුවේ සාමජිකයින් ලෙසත් වර්තමානයේ එම සබඳතාවන් තවදුරටත් තහවුරු වී ඇත.
ලෝක සාමය සහ චිරස්ථිතිය පිළිබඳ සමාන පොදු දැක්මක් දෙරට ම සතුය. හමුදාමය පාර්ශවයෙන් මෙන් ම රාජ්‍ය තාන්ත්‍රිකව ද දෙරටේ ජනතාව අතර ද සුවිශේෂී සබඳතාවක් ගොඩනැඟී තිබේ. එම සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට මේ සංචාරය ඉවහල් වනු ඇත.


