බස් ගාස්තු සංශෝධනය පිළිබද අද දිනයේදී තීරණයක් ගැනීමට සූදානම් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. වැඩිදුරටත් අදහස් දක්වමින් එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කලේ බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුව පසුගිය ජූලි මාසයේදී බස් ගාස්තු සංශෝධනයක් සිදුවිය යුතුව තිබුනද ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පැවති එකඟතාවක් මත එය ක්‍රියාත්මක නොකළ බවයි. එහෙත් අමාත්‍යවරයා අදාළ එකඟතා බිඳ දැමීමට කටයුතු කිරීම නිසා බස් ගාස්තු සංශෝධනයක් පිළිබද අවධානය යොමුව ඇති බවයි.
Thursday, Feb 09th
Last update:02:23:49 PM GMT
Headlines:


