Thursday, Feb 09th

Last update:02:23:49 PM GMT

Headlines:
You are here: සන්නස පුවත් සන්නස පුවත් ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

Image
18 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන පනත් කෙටුම්පත අද (07 වැනිදා) පස්වරුවේ අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබයි.

අද පස්වරු 1.00ට නියමිත පරිදි පාර්ලිමේන්තුව රැස්‌ වේ. සභාවේ කටයුතු ආරම්භයේ දී අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතා විසින් ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සභාගත කරනු ලබයි.

හෙට පාර්ලිමේන්තුව පෙරවරු 9.30ට ආරම්භ වන අතර 18 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය දවස පුරා සිදු කොට ඡන්ද විමසීම පස්වරුවේ සිදු කිරීමට නියමිත ව තිබේ.

හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව අද දවස පුරා පාර්ලිමේන්තුවේ විවාද කරන අතර ඒ පිළිබඳ ව ඡන්ද විමසීම පස්වරුවේ පැවැත්වේ.