මෙම ව්‍යවස්ථා සංශෝධනය සඳහා තමාගේ සහයෝගය ලබාදෙන්නේ කාගේවත් බලපෑමක් මත නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පවසයි.
‘එය මගේ ස්ව කැමැත්තෙන් සිදුකරන දෙයක්. සමහර අය කියන ආකාරයට මෙයින් ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් වෙන්නෙ නෑ. ඡන්දෙ දෙන්නෙ කාටද කියලා තීරණය කරන්නේ මිනිස්සු.’
අනෙක මෙය පවතින ආණ්ඩුවට විතරක් නෙවෙයි වෙනත් ජනාධිපතිවරයෙකුටත් වලංගු වන බව ද ඔහු පවසයි.


