මේ ව්‍යවස්ථා සංශෝධනය හොඳ බවත් ඒ සඳහා තමාගේ සහයෝගය ලබා දෙන බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් කාදර් මහතා පවසයි.
‘මේ යටතේ ජනතාවට තමන් කැමති ඕනෑ ම අයෙක් ඔවුන් කැමති වාර ගණනක් ජනාධිපති ධුරයට පත්කිරීමේ හැකියාව තිබෙනවා. මේ නිසා මෙයින් ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් වෙන්නේ නෑ.
අනෙක් අතට මේ නීතිය ආණ්ඩු පක්ෂයට විතරක් නෙවෙයි එක්සත් ජාතික පක්ෂයටත් වලංගුයි. ජනතාව කැමති නම් ඡන්දෙ දෙයි, එහෙම නැතුව බලෙන් ගන්න බෑ.
මෙය සම්මත කරගැනීම සඳහා ආණ්ඩුව ඡන්ද 175ක් ගන්නවා. මේකට සහයෝගය දක්වන විපක්ෂ මන්ත්‍රීවරු ඔවුන්ගේ කැමැත්තෙන් ඒ දේ සිදුකරන්නේ. ආණ්ඩුවට ඔවුන් බලෙන් ගන්න බෑ. අද වන විට එක්සත් ජාතික පක්ෂය කැඩීබිඳී ගොස් තිබෙනවා යැයි ද ඔහු පවසයි.


