මීට සුළු මොහොතකට පෙර 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේ දී සම්මත විණි.
අද පෙරවරුවේ සිට පැවති විවාදයෙන් පසු ව රාත්‍රී 7.00ට පමණ ඡන්ද විමසීම සිදු කෙරිණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂ ව ඡන්ද 161ක් ද විපක්ෂ ව ඡන්ද 17ක් ද ලැබිණි. වැඩි ඡන්ද 144 කින් පනත් කෙටුම්පත සම්මත විය.


