මීට සුළු මොහොතකට පෙර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු හය දෙනකු පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිට සභා ගැබ මැදින් ගොස් ආණ්ඩු පක්ෂයට එකතු විණි
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් ලක්ෂ්මන් සෙනෙවිරත්න, අබ්දුල් කාදර්, නිමල් සෙනරත් විජේසිංහ (නිල්වලා) අර්ල් ගුණසේකර, මනුෂ නානායක්කාර මන්ත්‍රීවරු සහ උපේක්ෂා ස්වර්ණමාලි මන්ත්‍රීවරිය මෙසේ ආණ්ඩුව පක්ෂයට එකතුවන විට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ද ප්‍රීති ඝෝෂා නඟමින් ඔවුන්ට සුබ පැතූහ.
මෙසේ ආණ්ඩු පක්ෂයට එක්වීමට පෙර අබ්දුල් කාදර් මන්ත්‍රීවරයා විසින් විශේෂ ප්‍රකාශයක් කරමින් මේ ව්‍යවස්ථා සංශෝධනයටත් රට සංවර්ධනය කිරීමේ ඉදිරි වැඩපිළිවෙලටත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අප හය දෙනාගේ සහයෝගය ලබා දෙන බව සඳහන් කෙළේ ය.


