අද මධ්‍යම රාත්‍රීයේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ග්‍රෑම් 450 ක පාන් රාත්තලක් රු.3.00 න් ඉහළ නැංවීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනුයේ පිටි මිල දෙවරක් වැඩි වී තිබීමත්, පිටි බෙදාහැරීමේ වට්ටම අඩුවීමත් නිසා මෙසේ පාන් මිල ඉහළ දමන්නට සිදුවූ බවයි.


