Wednesday, Feb 22nd

Last update:10:10:08 AM GMT

Headlines:
You are here: සන්නස පුවත් සන්නස පුවත් වැලිකඩ නොසන්සුන් - 21ක් ජාතික රෝහලට

වැලිකඩ නොසන්සුන් - 21ක් ජාතික රෝහලට

welikada_prison_200_134

වැලිකඩ බන්ධනාගාරය තුළ කලහකාරී තත්ත්වයක් හටගෙන ඇතැයි පොලීසිය පවසයි. මෙම නොසන්සුන් තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ 21 දෙනෙකු ‍කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

එහි හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් ආරියවංශ මහතා පැවසුවේ තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි.

මින් 20 දෙනෙකු රිමාන්ඩ් සිරකරුවන් වන අතර එක් අයෙකු ජේලර්වරයෙකු වන බවත් ඉන් බොහෝ දෙනෙකුගේ දණහිසෙන් පහළ ප්‍රදේශයට වෙඩි වැදී තුවාල ලබා සිටි බවත් ආරියවංශ මහතා ප්‍රකාශ කළේය.

 

රජයේ නිළ පුවත් වෙබ් අඩවියෙන්