Wednesday, Feb 22nd

Last update:10:10:08 AM GMT

Headlines:
You are here: සන්නස පුවත් සන්නස පුවත් ප්‍රධාන දුම්රිය ස්ථානවලට ආරක්ෂක කැමරා පද්ධති

ප්‍රධාන දුම්රිය ස්ථානවලට ආරක්ෂක කැමරා පද්ධති

cctv-cameras_200_142

සියලු ම ප්‍රධාන දුම්රිය ස්ථානවල ආරක්ෂක කැමරා පද්ධති (CCTV කැමරා) සවි කිරීමට තීරණය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව ඉදිරියේ දී අනුරාධපුර, කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවල මෙම කැමරා පද්ධති සවි කෙරෙනු ඇත.

පරිපාලන කටයුතුවලට පහසු වීමත්, ගැටකපන්නන් වැනි පුද්ගලයන්ගෙන් ජනතාව ආරක්ෂා කරගැනීමත් අරමුණු කරගනිමින් මෙම කැමරා පද්ධති සවි කිරීමට තීරණය කර ඇත.

මේ යටතේ මෙම වසර තුළ දී සියලු ම ප්‍රධාන දුම්රිය ස්ථානවල මෙම ආරක්ෂක කැමරා පද්ධති සවිකිරීමට නියමිත ය.

 

රජයේ නිළ පුවත් වෙබ් අඩවියෙන්