Wednesday, Feb 22nd

Last update:10:10:08 AM GMT

Headlines:
You are here: සන්නස පුවත් සන්නස පුවත් ඉන්දීය ධීවරයින් පිරිසක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී අත්අඩංගුවට

ඉන්දීය ධීවරයින් පිරිසක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී අත්අඩංගුවට

ඊයේ රාත්‍රීයේ පුල්මුඩෙයි මුහුදු සීමාවට උතුරෙන් මුහුදු සීමා උල්ලංඝණය කරමින් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ අනවසරෙන් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවර යාත්‍රා 6 ක් සහ ධීවරයින් 43 දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා පවසයි. මේවන විට ධීවර යාත්‍රා, මාළු හා ධීවර ආම්පන්න හා ධීවරයින් ත්‍රීකුණාමලය වරායට රැගෙනවිත් ඇති බවත් මූලික විමර්ශන කටයුතුවලින් අනතුරුව මෙම පිරිස පොලිසියට බාරදීමට නියමිත බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.