Wednesday, Feb 22nd

Last update:10:10:08 AM GMT

Headlines:
You are here: සන්නස පුවත් සන්නස පුවත් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

අද උදෑසන 6 සිට පස්වරු 8 දක්වා කාලය තුළ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම සිදුකරන බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. තත්ත්පරයකට ඝණ මීටර් 80 ක පමණ ජලය නිදහස් කිරීමක් සිදුවන බැවින් ජලාශයේ පහළ කොටසේ ජනතාව සහ කොත්මලේ වේල්ලට ඉහළ ප්‍රදේශවල ජනතාව අදාළ කාලය තුළ අවධානයෙන් සිටින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකාරක එරන්දන හේමවර්ධන මහතා ප්‍රකාශ කළේය.