පාසල් වෑන් රථ 6000කට අධික සංඛ්‍යාවක් මේ වන විට ප්‍රමිතිකරණය සඳහා යෝග්‍යතා පරීක්ෂණයට ලක්කොට බලපත්‍ර ලබාදෙමින් පවතින බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
මෙහිදී රථයේ තත්ත්වය, රියදුරු හා රථයේ හිමිකරු පිළිබඳ තොරතුරුආශ්‍රය කරගනිමින් ප්‍රමිති නිර්ණායක කිහිපයක් යටතේ මෙම පරීක්ෂාව සිදුකෙරේ.
තවද රියදුරන් හා රථ හිමිකරුවන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් මෙන්ම දෘශ්‍යාබාධ සහිත රියදුරන් සඳහා කොළඹ නයනාරෝග්‍ය ශාලාවේ අනුග්‍රහය ද ඇතිව අක්ෂි සායනයක් පවත්වා ඇස් කණ්ණාඩි බෙදාදීමක් ද නියාමන ව්‍යාපෘති ලෙස ක්‍රියාත්මක කර ඇත.
කෙසේ වෙතත් දෙමාපියන් සිය දරුවන් පාසල් ප්‍රවාහන රථවලට භාරදීමේදී එම රථ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සහතික ලත් රථයක් බවට තහවුරු කරගැනීම අවශ්‍ය බව එම අධිකාරිය අවධාරණය කරයි.
මේ වන විටත් ලියාපදිංචි නොවූ පාසල් වෑන් රථ අධිකාරිය යටතේ වහාම ලියාපදිංචි කරගන්නා ලෙස රථ හිමිකරුවන්ට අධිකාරිය දන්වා සිටී.
මෙම වැඩසටහන සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින්ම ජාතික ළමා ආරක්ෂක නිලධාරීන් මගින් ක්‍රියාත්මක කොට දීපව්‍යාප්තව සිදුකිරීමටත්, මේ පිළිබඳ නීති ප්‍රතිපාදන සවිබල ගැන්වීමටත් සැලසුම් සකස් කරමින් පවතී.


