Saturday, May 19th

Last update:03:18:13 PM GMT

You are here: සන්නස පුවත් සන්නස පුවත් දුම්රිය හරස් මාර්ග අනාරක්ෂිත ගේට්ටු නවීකරණය කිරීමට පියවර

දුම්රිය හරස් මාර්ග අනාරක්ෂිත ගේට්ටු නවීකරණය කිරීමට පියවර

දුම්රිය හරස් මාර්ග අනාරක්ෂිත ගේට්ටු නවීකරණය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. මේ සදහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන දහසක් බව මුදල් අමාත්‍යාංශය පවසයි. දිවයින පුරා පවතින අනාරක්ෂිත දුම්රිය ගේට්ටු සංඛ්‍යාව 750 ක් පමණ වන අතර පසුගිය කාලය තුළ එම ගේට්ටු ආශ්‍රිතව අනතුරු 50 ක් පමණ සිදුව ඇති බවත්, ඉන් 38 ක් බරපතල තත්ත්වයේ අනතුරු වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් ක‍රයි.