Saturday, May 19th

Last update:03:18:13 PM GMT

You are here: සන්නස පුවත් සන්නස පුවත් මහ බැංකු බෝම්බයෙන් මියගිය අය සැමරේ

මහ බැංකු බෝම්බයෙන් මියගිය අය සැමරේ

cenrtal_Bslr

ශ්‍රී ලංකා මහ බැංකුවට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගෙන් එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූ මහ බැංකු සේවක සේවිකාවන් 41 දෙනෙකු සිහිකිරීම පිණිස ඉදිකරන ලද ස්මාරකය අද (31) මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

එහිදී එදින මියගිය සේවකයන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් ද පැවැත්වූ අතර මහ බැංකු අධිපති, නියෝජ්‍ය අධිපතිවරුන්, සමිති සංගම්වල නියෝජිතයන් මෙන් ම මියගිය පවුල්වල ඥාතීන් විසින් පුෂ්පෝපහාර දැක්වීම ද සිදුකෙරිණි.

1996 ජනවාරි 31 වැනි දින සිදු වූ මෙම බෝම්බ ප්‍රහාරයට අදට 16 වසරක් සපිරේ.

 

රජයේ නිළ පුවත් වෙබ් අඩවියෙන්