Saturday, May 19th

Last update:03:18:13 PM GMT

You are here: සන්නස පුවත් සන්නස පුවත් බුද්ධ වර්ෂ 2555ක් වූ නවම් පුර පොහොය අදයි

බුද්ධ වර්ෂ 2555ක් වූ නවම් පුර පොහොය අදයි

nawampoya

අදට යෙදී ඇති නවම් පුර පසළොස්වක පොහොය දින ලෝ පුරා බෞද්ධ බැතිමතුන් ආගමානුකූල ව සමරන්නේ සැරියුත් හා මුගලන් මහා රහතන් වහන්සේලා දෙනමට බුදු සසුනේ අග්‍රමහා ශ්‍රාවක තනතුරු පිරිනැමීම මුල් කර ගෙනය.


සම්බුදු රජාණන් වහන්සේ ප්‍රථම වතාවට භික්ෂුන් වහන්සේලා රජගහ නුවර වේළුවනාරාමයට එක්රැස් කොට පළමු සංඝ සම්මේලනය පවත්වා ඇත්තේ ද අද වැනි නවම් පුර පොහෝ දිනයක ය.


බුදුන් වහන්සේ ඉදිරි තුන් මසක දී පිරිනිවන් පෑමට අධිෂ්ඨාන කොට ගෙන ආයුසංස්කාරය අත්හැරීම සිදු කර ඇත්තේ ද මෙවන් නවම් පුර පොහොය දිනයක දී ය.


සම්බුද්ධ ශාසනයේ මේ සියලු විශේෂ සිදුවීම් මුල් කොටගෙන අද දිවයින පුරා සියලු විහාරස්ථානවල සීල, භාවනා ඇතුළු ආගමික වැඩසටහන් සංවිධානය කර තිබේ.


ගංගාරාම විහාරස්ථානය 33 වැනි වරට පවත්වන නවම් මහා පෙරහැරේ, අවසන් මහා පෙරහැර ද අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිත ය.

 

රජයේ නිළ පුවත් වෙබ් අඩවියෙන්