Saturday, May 19th

Last update:03:18:13 PM GMT

You are here: සන්නස පුවත් සන්නස පුවත් තවදුරටත් වැසි - අකුණු අනතුරුවලින් වැළකෙන්න

තවදුරටත් වැසි - අකුණු අනතුරුවලින් වැළකෙන්න

rain_water_200_175

උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වල ද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද, මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල ද විටින් විට තවදුරටත් වැසි ඇති වේ. ඇතැම් ස්ථානවල තරමක තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ද විශේෂයෙන් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ වර්ධනය වේ.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තරමක තද සුළං ද ඇතිවිය හැකිය.

අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

රජයේ නිළ පුවත් වෙබි අඩවියෙන්