නැගෙනහිර සහ ඌව පළාත්වල ද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද මඳ වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වේ.
මේ අතර දිවයිනට දකුණු දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ද ස්ථාන කිහිපයක වැසි ඇතිවන අතර මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශය සහ දිවයිනට ගිනිකොන සහ බටහිර දෙසින් වන වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශ විටෙක මඳ වශයෙන් රළු විය හැක.
රජයේ නිළ පුවත් වෙබ් අඩවියෙන්


